යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයින්ගෙන් තිදෙනෙක්ට කොරෝනා

දෙසැ 30, 2020

    පසුගියදා (28) මෙරටට යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයින් 108 දෙනාගෙන් තිදෙනෙක්ට කොවිඩ් ආසාධනය වීඇති බව තහවුරු වී තිබේ.

    වෛරසය ආසාදනය වූ බවට හඳුනා ගනු ලැබූ සංචාරකයින් තිදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

    සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතියට අදාළව දෙසැම්බර් මස 28 වැනිදා මත්තල ගුවන්තොටුපොළෙන් ඔවුන් මෙරටට පැමිණියේය.

    පිරිස දිවයිනට ළඟා වීමෙන් පසු PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර පසුව ඔවුන්ව හෝටල් වෙත යොමු කෙරිණ.

    ඒ අනූව PCR පරීක්ෂණවලින් තිදෙනෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබේ.

    Last modified on බදාදා, 30 දෙසැම්බර් 2020 19:10

    Latest News