"වාරි සෞභාග්‍යා"වැඩසටහන ඇරඹේ

දෙසැ 30, 2020

    "වාරි සෞභාග්‍යා" වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ඊයේ පැවැත්විණ.

    ඒ චමල් රාජපක්ෂ,නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.

    වාරි සෞභාග්‍යයා වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි. වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ,ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි.

    දිවයින පුරා ඇති වැව් අමුණු හා වාරි පද්ධතිය පිළිසකර කිරීම මෙමගින් සිදු කෙරේ.

    බණ්ඩාරවෙල,පනන්ගල වැව ප්‍රතිසංස්කරණය කිරීම ඊයේ ආරම්භ කෙරිණ. ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Latest News