'වාරි සෞභාග්‍යා' ව්‍යාපෘතියේ දෙවැනි අදියර ඇරඹේ

මාර් 30, 2022

    වාරි සෞභාග්‍යා මහා වාරි පද්ධති සංවර්ධනය හා ග්‍රාමීය වැව් අමුණු 5,000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ දෙවැනි අදියර අද ආරම්භ වෙයි. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

    උත්සවය පැවැත්වෙන්නේ, අරලියගහ මන්දිරයේදී. සූම් තාක්ෂණය ඔස්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ - කොබෙයිගනේ, මීගස්වැව සහ මහවැව ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරේ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 100ක් අද දවස තුළ ප්‍රතිසංස්කරණයට නියමිතයි.

    2020 වසරේ ඇරඹි මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ වැව් අමුණු 3,000ක් ප්‍රතිසංස්කරණයයි. ලබන වසර වන විට වැව් අමුණු 4,000කට අධික ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 3ක්.

    දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වෙන වැඩසටහන තුළින් ගොවි ජනතාවගේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම අරමුණයි.

    අමාත්‍ය චමල් රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන්ගේ මහ පෙන්වීම යටතේ මෙය ක්‍රියාවට නැංවෙයි.

    Latest News