මහවැලි බී කලාපයට විදුලි වැටක්

දෙසැ 30, 2020

    වනඅලි අර්බුදයට විසඳුමක් ලෙස මහවැලි බී කලාපයේ විදුලි වැට ඉදිකිරීම ආරම්භ කෙරිණ. ඒ වැලිකන්ද,කන්දකාඩු ප්‍රදේශ‍යේදී.

    කන්දකාඩු ප්‍රදේශයේ අක්කර 3,000ක් පමණ වන වගා බිම් මෙන්ම වනඅලි වාසස්ථාන ද ආරක්ෂාවන අයුරින් අලිවැට ඉදිකෙරේ.

    එහි දිග කිලෝමීටර 4ක්. ශ්‍රී ලංකා නව නිපයුම්කරුවන්ගේ කොමිසම,යුද හමුදාව,මහවැලි සංවර්ධන අධිකාරිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ඉදිකරන මෙය නියමු ව්‍යාපෘතියක් ලෙසයි,ක්‍රියාත්මක වන්නේ.

    නවීන තාක්ෂණයෙන් යුත් අලිවැට ඉදිකිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ද එක්විය.

    Latest News