'ඉවුරු රකින් පවුරු' වැඩසටහන හෙට ඇරඹේ

ජූලි 15, 2021

    මහවැලි ගං ඉවුරේ පැල එක් ලක්ෂ 68,000ක් රෝපණය කිරීමේ ඉවුරු රකින් පවුරු වැඩසටහන හෙට ආරම්භ කෙරේ.

    එහි සමාරම්භය පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගං ඉවුරු අසළ දී පැවැත්වීමට නියමිතයි.

    මහවැලි ගංගාවේ කිලෝමීටර් 360ක් දිග ගං ඉවුරු ආරක්ෂා කිරීමේ අරමුණින් කුඹුක් හා මී ශාක රෝපණයටයි පියවර ගෙන ඇත්තේ. පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවනු ලැබ ඇති හුස්ම දෙනතුරු ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි.

    ටෝකියෝ සිමෙන්ති සමාගම ඊට පූර්ණ අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි. ඉවුරු රකින පවුරු වැඩසටහන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදේ 10.00ට ආරම්භ කිරීමට නියමිතයි.

    Latest News