'වාරි සෞභාග්‍යා' - දඹගොල්ල වැවේ ඉදිකිරීම් ඇරඹේ

පෙබ 06, 2021

    වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ දිවයින පුරා වැව් අමුණු රැසක් ප්‍රතිසංස්කරණය මේ වන විට ක්‍රියාත්මකයි. බණ්ඩාරවෙල, දඹගොල්ල වැවේ ඉදිකිරීම් ඊයේ ආරම්භ විය.

    වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 150ක්. උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජලය අහිමි වූ වගාබිම්වලට ජලය ලබාදීමත්, ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමටත්, දඹගොල්ල වැව ඉදිකිරීමෙන් හැකියාව ලැබෙයි.

    එමෙන්ම අක්කර 200ක කුඹුරු ඉඩම් ප්‍රමාණයක් මෙමගින් අස්වැද්දිය හැකියි. සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 900කට අධිකයි.

    දඹගොල්ල වැවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට චාමර සම්පත් දසනායක, සුදර්ශන දෙනිපිටිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්ව සිටියේය.

    Latest News