ඒ සඳහා යම් කාල රාමුවක් නිර්ණය කර ගනිමින් ජාතික වැඩසටහනක් කි‍්‍රයාවට නංවන ලෙසත්, රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහය ඇතිව ඒකාබද්ධ පළිබෝධ නාශක ක්‍රමවේදයක් කි‍්‍රයාවට නැංවීමටත් ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ සේනා දළඹු විශේෂය ව්‍යාප්තවීම හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති තර්ජනයට මුහුණදීම සඳහා ගතයුතු හදිසි පියවර පිළිබඳ සොයා බැලීමට අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය. මෙම තත්ත්වය පාලනය කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්ය සාධන බළකායක් ද පිහිටුවමින් අවශ්‍ය පියවර කි‍්‍රයාත්මක කරමින් සිටින අතර එම බලකාය නිතිපතා රැස්වෙමින් මෙම හදිසි උවදුර මැඩලීමට කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දී ඇත.
මෙම ජනාධිපති කාර්ය සාධක බළකායේ සම්බන්ධීකරණය වෙනුවෙන් මහවැලි නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු එම බලකායට ඇතුළත් කර ගැනීමට ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්රයේ කෘෂි පර්යේෂණ අංශවල සහ ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම උවදුර මැඩලීම පිළිබඳ ගොවි සංවිධාන හා ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ද උපදෙස් පිරිනැමිණ.
අමාත්‍යවරුන් වන පී.හැරිසන්, දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය අමීර් අලී, මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය බී.එම්.එස්. දිසානායක, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.