ශර්මිලා ගෝනවලගේ පෙත්සමේ කරුණු තහුරුවට දිනයක්

ජන 22, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 31 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

    කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් සමාගමේ කොටස් හිමියෙක් වශයෙන් කටයුතු කරන බව ශර්මිලා ගෝනවල සිය පෙත්සමෙක් කියා සිටි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු හිමිකාරිත්වය ගැන සමාගමක් රජයේ ආයතන සමග ගිවිසුම් ගතවී ව්‍යාපාරික කටයුතුවල නිරතවීම මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු කමක් යැයි පෙත්සම්කාරිය පෙන්වා දෙයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු බැවින් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ කෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News