පා.ම. නාමල් - ප්‍රභූ ඝාතනය ගැන කීමට CID යට

ජන 22, 2019

    ප්‍රභූ ඝාතාන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියානු ජාතිකයාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව හමුවයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හෙට (23) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නාමල් රජපක්ෂ කැඳවා තිබේ.

     

    මෙම ඉන්දියානු ජාතිකයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිදව හමුවි ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. එ සම්බන්ධයෙන් මෙම සතිය තුළදී ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේය.

    මෙම හමුවිම සම්බන්ධයෙන් තාමගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හෙට පස්වරුවේ පැමිණේන ලෙස දචැන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව සහ ගෝඨභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් ඇති බවට දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු නාමල් කුමාර විසින් අපාරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කෙරිණ. එ අනුව අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සහ ඉන්දීයනු ජාතිකයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    Latest News