සුවසරණ සෞඛ්‍ය අරමුදල කලුතර දිස්ත්‍රික්කයට පරිත්‍යාග කළ PCR යන්ත්‍රය ජනපතිට භාර දෙයි

දෙසැ 24, 2020

    හොරණ කුරුඳුවත්ත මහ විහාරාධිපති, සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශකපූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීමෙන් හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මිලදී ගත් නවPCR යන්ත්‍රය නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාරදීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    නව PCR යන්ත්‍රය දිස්ත්‍රික්කයේ අවශ්‍යතාව උදෙසා කලුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපනය කෙරේ. ‍

    පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේ අදාළ ලියකියවිලි ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ. 

    අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන මහත්වරු ද මේ  අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News