මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 38,000 ඉක්මවයි

දෙසැ 23, 2020

    ශි‍්‍ර ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව තිස් අට දහස ඉක්මවා ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.

    එම සංඛ්‍යාව තිස් අට දහස් පනස් නවයක්. විසි නව දහස් තුන්සියකට වැඩි පිරිසක් සුවය ලබා තිබෙනවා. රෝහල් සහ ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින සංඛ්‍යාව 8576ක්.

    ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 427 දෙනෙකු හදුනාගැනිණ. ඉන් වැඩි දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ‍්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කළේ. එම සංඛ්‍යාව 392ක්.

    අනෙක් තිස් පස් දෙනා බන්නාධගාර ආශි‍්‍රතව හදුනා ගැනිණ.

    Last modified on බදාදා, 23 දෙසැම්බර් 2020 13:36

    Latest News