අද වැසි තත්වයේ වැඩිවීමක්

දෙසැ 23, 2020

    දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සවස 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන අතර ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ.

    උතුරු. නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ.

    උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වයේ තවදුරටත් පවතින බව බලාපොරොත්තුවේ.

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 50ට වැඩි තරමක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News