ගෘහස්ථ ආර්ථිකය නංවන්න අය වැයෙන් කෝටි 1,000ක්..(වීඩියෝ)

දෙසැ 19, 2020
  • 'කොවිඩ්-19' වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකය යළි ගොඩනැඟීමේ අරමුණ ඇතිව ගෘහස්ත ආර්ථිකය දියුණු කිරීම සඳහා පමණක් එක් මසක් වෙනුවෙන් රුපියල් කෝටි 100ක මුදලක් මෙවර අය වැයෙන් වෙන් කර තිබෙන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (18) ප්‍රකාශ කළේය.

    ඒ අනුව රටේ ගෘහස්ත ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් මෙවර අය වැයෙන් රුපියල් කෝටි 1,000ක මුදලක් වෙන් කර තිබේ.

    එම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා ග්‍රාමීය මට්ටමේ සිට සෑම ආයතනයක්ම බෙදාගෙන ක්‍රියාත්මක කළ යුතු බවද එක් ගමකට අවම වශයෙන් එක් ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවැසීය.

    බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ බදුල්ල, ඌව විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවති 2021 අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ “ගම සමඟ පිළිසඳරක්” තුළින් “වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහනේ ඌව පළාත් කමිටු සාකච්ඡාවට ඊයේ (18) එක්වෙමිනි.

    Last modified on සෙනසුරාදා, 19 දෙසැම්බර් 2020 09:27

    Latest News