සෞඛ්‍ය නිර්දේශ පිළිගන්නා අතරම ආර්ථිකයත් ශක්තිමත් කළ යුතුයි..බැසිල් රාජපක්ෂ

මාර් 27, 2020

    සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් පිළිගන්නා අතරම රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බව අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    එහි සාමාජිකයන් සමග අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ජාවක දී බැසිල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

    මෙම සාකච්ජාවට බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශවල ප්‍රධානීන් ද එක්ව සිටියේය. සාමාන්‍ය ජනතාවට පහසුවන ආකාරයෙන් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ක්ෂේත්‍රය පවත්වාගෙන යා යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 18:38

    Latest News