වෙළෙඳපොළේ පවතින කිරිපිටි හිඟය පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යවරයාට බලය පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලු පාර්ශවයන් නීතිය හමුවට පමුණුවන බවත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට රජය ක්‍රියාකරන බවත් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

'කොවිඩ්-19' වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකය යළි ගොඩනැඟීමේ අරමුණ ඇතිව ගෘහස්ත ආර්ථිකය දියුණු කිරීම සඳහා පමණක් එක් මසක් වෙනුවෙන් රුපියල් කෝටි 100ක මුදලක් මෙවර අය වැයෙන් වෙන් කර තිබෙන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (18) ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් පිළිගන්නා අතරම රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බව අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Latest News