ජේතවන කෞතුකාගාරය 21 වැනිදා යළි ජනතා අයිතියට

දෙසැ 19, 2020

    ජේතවන කෞතුකාගාරය ලබන 21 වැනිදා යළි ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    එහි සිදුකෙරුණු ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුවයි එය මෙලෙස ජනතා අයිතියට පත්වන්නේ.

    අනුරාධපුර අටමස්ථාන පුදබිමට අයත් අක්කර 200 ක පමණ භූමි ප්‍රදේශයක පිහිටා ඇති විශාලතම ආරාම සංකීර්ණය ජේතවනාරාමයයි.

    බුදුන් වහන්සේගේ පටී ධාතූන් වහන්සේ තැන්පත්කර මහසෙන් රජු ක්‍රිස්තු වර්ෂ 276 – 301 අතර කාලයේ දී මෙම ස්ථූපය ඉදිකළ බවයි සැළකෙන්නේ.

    2008 වසර වනවිට ජේතවන ස්ථූපයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු අවසන් කිරීමට හැකිවිය.

    එහිදී වසර සිය ගණනක් පොලවට වැළලී තිබූ පැරණි ජේතවන විහාරයට අයත් ස්මාරක රැසක් සොයා ගැනිණ.

    එම කෞතුකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන්නේය. මේ වනවිට එම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා.

    ඉතිහාසයේ සැගවුණු තොරතුරු රැසක් වර්තමානයේ හෙළිකෙරෙන මෙම කෞතුකාගාරය ප්‍රතිසංස්කරණයෙන් පසු ලබන 21 වැනිදා දැයට දායාද කෙරේ.

    Latest News