පහේ කල්ලියේ සිව් දෙනෙක් අත්අඩංගුවට

දෙසැ 19, 2020

    දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ රන් ආභරණ කොල්ලකෑම් වලට සම්සම්බන්ධ සහ වෙනත් විවිධ අපරාධ රැසකට සම්න්ධ පහේ කල්ලිය යන අන්වර්ථ නාමයෙන් හදුන්වන කණ්ඩායමේ සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරුවන් විසින් යතුරු පැදි වලින් ගමන් කර මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල වැඩි වශයෙන් කොල්ලකා ඇති අතර ගෙවල් බිදුම් සහ මිනිස්සුන් බිය වද්දා මුදල් කොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ රැසකට මෙම සැකකරුවන් සම්බන්ධ බව පොලිසිය පවසයි.

    ඔවුන් සන්තකයේ තිබී යතුරු පැදි දෙකක්, ජංගම දුරකථන සහ කොල්ලකන ලද රන් භාණ්ඩ තොගයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයා ගැනිණ.

    මෙම සැකකරුවන් වයස අවුරුදු 20-40 අතර පසුවන මහියංගනය,මොනරාගල,වැල්ලවාය සහ කුඩාඔය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අද (19) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සැකකරුවන් සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි, පොලිසිය සදහන් කළේ.

    Latest News