පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට අදාළව ක්‍රියාමාර්ග ගැනීමට රජය ක්‍රියාකරනවා...බැසිල් රාජපක්ෂ

අප්‍රේ 21, 2021

    පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලු පාර්ශවයන් නීතිය හමුවට පමුණුවන බවත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට රජය ක්‍රියාකරන බවත් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

    ගාල්ල - හිරිඹුර ශ්‍රී අශෝකාරාමස්ථ ශ්‍රී පියරතන මහානාම සුවසෙත ආයතන පරිශ්‍රයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපහණය කිරීමේ පිංකම සිදු කෙරුණේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්.

    බෝධි අංකුරය රෝපහණය කෙරුණේ, මහා සංඝ රත්නයේ පිරිත් සඤ්ඤායනා මධ්‍යයේ. අමාත්‍ය රමේෂ පතිරණ සහ ඉසුරු දොඩංගොඩ, සම්පත් අතුකෝරල, ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Latest News