කුරුණෑගල-මීරිගම; පළමු අදියර මේ වසරේ විවෘත කෙරේ (වීඩියෝ)

ජන 21, 2019
  • මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ කොටසක් මේ වසර තුළ විවෘත කරන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

    කිලෝ මීටර 40කින් යුත් එය කුරුණෑගල සිට මීරිගම දක්වා කොටසයි. එම කොටසේ ගමන් කාලය විනාඩි 20ක්. දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි ඉදි කෙරෙන අධිවේගී මාර්ග පද්ධතිය වසර 2025 දී අවසන් කිරීමට නියමිතයි. ඉන් ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කෙරෙනවා. එය අදියර දෙකකින් සමන්විතයි.

    පළමු අදියර කඩවත සිට දඹුල්ල දක්වා ක්‍රියාත්මකයි. පොතුහැර සිට මහනුවර දක්වා කොටස ද ඊට අයත්. උතුරු හා නැගෙනහිර පළාත් යා කෙරෙන්නේ, ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේයි. කොටස් 04කින් යුත් පළමු අදියරේ ඉදිකිරීම් මේ දිනවල සිදු කෙරෙනවා. එහි මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම්, 60%කින් අවසන්. මංතීරු 04කින් යුත් පළමු අදියර අන්තර් හුවමාරු පහකින් සමන්විතයි.

    ජනතාවගේ පහසුව වෙනුවෙන් මීරිගම සිට පස්යාල හරහා නිට්ටඹුව දක්වාත්, සංවර්ධනය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 21:11

    Latest News