පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හෙට සිට තොග වෙළෙඳාමට විවෘතයි

දෙසැ 15, 2020

    කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබුණු පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හෙට (16) සිට තොග වෙළෙඳාමට විවෘත කිරීමට නියමිතය.

    සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුව පූර්ණ නවීකරණයක් සිදුකර තොග හා සිල්ලර මෙහෙයුම් සඳහා විවෘත කරන තෙක් ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම පරිදි තොග වෙළෙඳාම සඳහා විවෘත කරන බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය.

    ඒ අනුව සීමිත තොග වෙළෙඳ කටයුතු සඳහා හෙට දින සිට පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදපොළ විවෘත අතර එම ස්ථානයට පැමිණෙන සියලුම දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවටද දන්වා තිබේ.

    Latest News