පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විෂබීජානුහරණයට

අප්‍රේ 21, 2020

    නාවික හමුදාව විසින් අද (21) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපාළෙහි සියළුම පරිශ්‍රයන් විෂබීජහරණයකට ලක් කිරීමට කටයුතු කළේය.

    පසුගිය දින පිළියන්දල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධිතයෙකු සොයා ගැනීමත් සමඟම එම පුද්ගලයා ගැවසුණු ස්ථාන සොයා විෂබීජ හරණය කිරීමේ කටයුතු සිදු කරමින් පවතියි.

    ඒ අනුව එම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපෙළෙහි ගැවසී ඇති බවට ලද තොරතුරු වලට අනුව වෙළඳපොළ පරිශ්‍රය පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමට අද ( 21) කටයුතු කරන ලදී.

    මෙහිදී සියළුම ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් නියමිත ක්‍රියා පටිපාටියකට අනුව එම මත්ස්‍ය වෙළඳපොල විෂබීජහරණ කටයුතු සිදු කිරීමට නාවික හමුදාව පියවර ගැනිණ.

    Latest News