පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ දින තුනකට පසු යළි ඇරඹේ

අප්‍රේ 25, 2020

    වසා දමා තිබූ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ දින තුනකට පසු ව අද(25) සිට නැවතත් ආරම්භ කර ඇත.

    අද තොග වෙළඳාම පමණ පමණක් සිදු වූ බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

    එමෙන්ම සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදමින් මිලදී ගැනීම් කටයුතු සදහා පැමිණෙන ලෙස තොග වෙළෙන්දන් හට දැනුම්දෙන බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා සඳහන් කර තිබේ.

    පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මසුන් ලබාගත් පිළියන්දල ප්‍රදේශයේ මත්ස්‍ය වෙළෙන්දෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වීම හේතුවෙන් වෙළඳ සංකීර්ණය තවකාලිකව වසා දැමිණි.

    එමෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් සහ සේවකයින් පි.සි.ආර් පරික්ෂණයක් සඳහා යොමුකිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබිණි.

    PCR පරික්ෂණ සදහා යොමුකළ වෙළඳුන්, සේවකයින් ඇතුළු කිසිවෙකුටත් වෛරස ආසාදිතයින් බවට තහවුරු වි නොමැති බවයි සෞඛ්‍ය බලධාරින් ඊයේ සඳහන් කළේ. එම නිසා අද දින සිට පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තොග ‍වෙළඳාම සදහා විවෘත කර තිබේ.

    Latest News