කොවිඩ් දෙවන රැල්ලේ 51000න් 45000කට සුවයි

ජන 21, 2021

    අද (21) වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 51,307 වේ.

    ඉන් පුද්ගලයින් 45,117 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3,059 (පූර්ණ සුවය ලබා ඇත) කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර - 42,058

    ඒ අනුව අද (21) උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 55,188 ක් වන අතර ඉන් පුද්ගලයින් 47,214 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    එමෙන්ම රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,700 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර පසුගිය පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 621 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    Latest News