පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ දින 3ක් වැසේ

අප්‍රේ 21, 2020

    පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට දින 3ක කාලයක් වසා දැමීමට එහි වෙළඳ සංගමය තීරණය කර තිබේ.

    කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගත් පිලියන්දල ප්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයා, මාළු මිලදී ගැනීමට සඳහා පැමිණීම හේතුවෙන්.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තිබෙන මාළු අලෙවිසැල් සංඛ්‍යාව 154ක්. එහි වෙළෙඳුන් පී.සී.ආර්.පරීක්ෂණයකට ද භාජනය කරන බවයි, එම වෙළඳ සංගමයේ ජයසිරි වික්‍රමආරච්චි කියා සිටියේ.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 13:16

    Latest News