මළ ගෙදර දී ස්ප්‍රීතු වර්ගයක් පානය කළ සහෝදරයන් දෙදෙනා ජීවිතක්ෂයට

දෙසැ 15, 2020

    මීරිගම, කීනදෙනිය ප්‍රදේශයේදී ස්ප්‍රීතු වර්ගයක් පානය කළ සහෝදරයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, තවත් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බවයි.

    සිය මවගේ අවමංගල්‍ය උත්සවයේදී ඔවුන් මෙලෙස මත්පැන් පානය කර ඇති බව සදහන් වේ. ප්‍රදේශයේ පුද්ගලයෙකු ලබාදුන් ස්ප්‍රීතු වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව මොවුන් මෙලෙස මියගොස් ඇත.

    පෙරේදා (13) රාත්‍රියේ ඔවුන් මෙලෙස මත්පැන් පානයකර ඇති අතර, මියගිය පුද්ගලයින් එකම පවුලේ 54 සහ 47 හැවිරිදි සහෝදරයින් වේ.

    සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News