ශ්‍රී ලංකා තැපැල් Cash on Delivery

දෙසැ 15, 2020

    වටිනාකම ගෙවා භාරදීමේ තැපැල් සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

    මීට පෙර අදාළ ක්‍රමය යටතේ භාණ්ඩහිමියා තැපැල් කාර්යාලයට පැමිණ භාණ්ඩයට මුදල් ගෙවා ලබාගත යුතුව තිබිණි.

    නමුත්, නව ක්‍රමවේදය යටතේ භාණ්ඩය ප්‍රවහන ගාස්තු සහිතව ලබන්නාගේ නිවසට ගොස් භාරදීමට සැලසුම් කර ඇත. පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවාව පිළිබඳ 1950 අංකය අමතා වැඩිවිස්තර ලබා ගත හැකියි.

    ජනතාවට ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ යැවීමේදී විශ්වාසවන්ත භාණ්ඩ ප්‍රවාහන සේවාවක් ලෙස තැපෑලේ මෙම සේවාව ඉදිරියේදී භාවිත කිරීමට හැකිවන ඇත.

    Latest News