ඊයේ ආසාදිතයින් 688යි

දෙසැ 15, 2020

    ඊයේ (14) දින ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ - 19 ආසාදිත පුද්ගලයින්‌ 688 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින්‌ අතරින්‌ පුද්ගලයින්‌ 03 දෙනෙකු විදේශීය මුහුදු ආරක්‍ෂක නිලධාරින්‌ වන අතර ඉකිරි පුද්ගලයින්‌ 685 දෙනා දේශියව හඳුනාගත්‌ ආසාදිතයින්‌ වේ. හඳුනාගත්‌ ආසාදිතයින්‌ අතරින්‌ වැඩිම ආසාදිතයින්‌ පිරිසක්‌ කොළඹ දිස්ත්‍රික්කයෙන්‌ වාර්ථා වන අතර, ඒ ආසාදිතයින්‌ 200 ක්‌ වශයෙනි. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 117 ක්‌ සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 113 ක්‌ ලෙස වාර්තා වේ. අනෙක්‌ ආසාදිතයින්‌ 255 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්‌ වාර්තා වේ.

    ඊයේ (14) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොචිඩ්‌-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 33,477 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 24,308 ක්‌ පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. ඊයේ (14) දින වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධාස්ථාන තුළ පුද්ගලයින්‌ 9,015 දෙනෙකු තවදුරටත්‌ ප්‍රතිකාර ලබයි.

    අද (15) උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධාස්ථාන තුළින්‌ පුද්ගලයින්‌ 516 ක්‌ පූර්ණ සුවය ලබා පිටව ගොස්‌ ඇත.

    Last modified on අඟහරුවාදා, 15 දෙසැම්බර් 2020 09:59

    Latest News