ශ්‍රී ලංකන් රටවල් 2කට ගුවන් ගමන් වාර වැඩි කරයි

දෙසැ 13, 2020

    ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සිට සිංගප්පූරුව දක්වා මගී ගුවන් ගමන් වාර සතියකට තුන්වරක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

    එළඹෙන 18 වැනිදා සිට මෙය ක්‍රියාත්මකයි.

    මීට අමතරව සෑම සිකුරාදා දිනකම මලයාසියාවේ ක්වාලාලම්පූර් සහ කොළඹ අතර සතිපතා ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙම ගුවන් ගමන් කොවිඩ් නයින්ටීන් වෛරසය සදහා වූ ගුවන් ගමන් සීමාවන්ට සහ අදාළ රටවල් විසින් පනවා ඇති දේශසීමා වසා දැමීම්වලට යටත්ව අදාළ ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව කොළඹ, ගාල්ල සහ මහනුවර ප්‍රදේශවල පිහිටි ගුවන් ප්‍රවේශ පත්‍ර විකුණුම් කාර්යාලවලින් හෝ සංචාරක නියෝජිතයෙකු හරහා ගුවන් ගමනට පෙර ටිකට්පත් වෙන් කරවා ගැනීමට ගුවන් මගීන්ට හැකියාව පවතින බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

    ඊට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගෝලීය සම්බන්ධ මධ්‍යස්ථානයේ 011 - 7 771 979 දුරකථන අංකය මඟින් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැක.

    Last modified on ඉරිදා, 13 දෙසැම්බර් 2020 19:21

    Latest News