ජනවාරි සිට පෙර පාසල් විවෘත කිරිමට සැලසුම්

දෙසැ 12, 2020

    දැනට වසාදමා ඇති පෙර පාසල් ලබන ජනවාරි මාසයේ සිට යළි විවෘත කිරිමට හැකිවනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප‍්‍රකාශ කරයි.

    සෞඛ්‍ය අංශවල නිර්දේශය මත පමණක් තීරණ ක‍්‍රියාත්මක කරන බවයි, රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    පෙර පාසල් පිළිබද ජාතික ප‍්‍රතිපත්තියේ කෙටුම්පත අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි එල් පීරිස් මහතාට භාරදුන් බව ද පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සදහන් කරයි.

    Latest News