කල්පිටියේ සුරුවමකට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට

මාර් 16, 2021

    කල්පිටිය, ඒතාලේ කොළණියේ පිහිටි වේලක්කන්නි දේවමාතාවගෙග් පිළිරුව සහිත සුරුවමක් විනාශකල පුද්ගලයකු ගම්මුන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇත.

    පසුගියදා (15) පස්වරු 6.30ට පමණ මෙම සුරුවම අසළට පැමිණි ඒත්තාලේ ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික 26 හැවරිදි පුද්ගලයකු මුලින්ම සුරුවමේ කූඩුවේ වීදුරුවට පහරදී තිබේ.

    අනතුරුව පිළිරුව පොලවේ ගසා පැන යන අතරතුර ගම්මුන් විසින් අල්ලා ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වනු ලබන අතර ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් කණ්ඩායම් හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇත.

    සැකකරු දැනට පුත්තලම පොලීසියේ රදවා ගෙන තබා ඇත.

    Latest News