මහනුවර තවත් සුළු භූ කම්පන කිහිපයක්

දෙසැ 06, 2020

    මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (05) පස්වරුවේ තවත් සුළු භූ කම්පන තුනක් සිදුව ඇත.

    එම කම්පන සිදුවී ඇත්තේ පස්වරු 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ යි. වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල අදාළ චලනයන් සටහන්ව ඇති බව වාර්තා වෙයි.

    සියලු කම්පන රික්ටර් මාපක ඒකක 2ට අඩු අගයක් ගන්නා බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය සඳහන් කරයි. මහනුවර - දිගන ප්‍රදේශ‍ය ආශ්‍රිතව ඊයේ උදෑසන ද සුළු භූ කම්පනයක් සිදුවූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කළේය. ඒ අලුයම 5.42ට.

    රික්ටර් මාපක දෙකට අඩු එම සුළු භූ කම්පනය සිදුව ඇති බවට පල්ලෙකැලේ මධ්‍යස්ථානයෙන් වාර්තා විය.

    Latest News