ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින් - මහනුවර 170ක්

දෙසැ 06, 2020

    ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 669 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 204ක් ලෙසයි. ඊට අමතරව මහනුවර ප්‍රදේශයෙන් ආසාදිතයින් 170ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11ක් වාර්තා විය.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට හා පෑලියගොඩ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 23,670ක් වෙයි. ඉන් පුද්ගලයින් 16,682ක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ.

    Latest News