මහර සිද්ධියේ මියගිය 4 දෙනෙක්ගේ සිරුරු හඳුනාගැනේ

දෙසැ 06, 2020

    මහර බන්ධනාගාරයේ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් තවත් 38 දෙනෙක්ගෙන් ඊයේ ප්‍රකාශ සටහන් කරගත් බව,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    වෛද්‍යවරුන් දෙදෙනෙක්,බන්ධනාගාර නිලධාරීන් ‍එකොළොස් දෙනෙක් හා රැඳවියන් විසි පස් දෙනෙක් ඊට අයත්. ඒ අනූව මේ වන විට බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් 116 දෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

    රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මියගිය රැඳවියන් එකොළොස් දෙනාගෙන් හතර දෙනෙක්ගේ සිරුරු ඊයේ හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    ඔවුන් මිනුවන්ගොඩ,එඩේරමුල්ල,රතුපස්වල,අඟුරුතොට ප්‍රදේශවල පදිංචිකරුවන්.

    Latest News