මහර බන්ධනාගාර සිද්ධිය ගැන ප්‍රකාශ 255ක්

දෙසැ 13, 2020

    මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 255ක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

    ඊයේ දිනයේ ද ප්‍රකාශ 27ක් සටහන් කර ගැනිණ. මේ වන විට රැඳවියන්,බන්ධනාගාර නිලධාරීන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු කණ්ඩායම් වෙතින් සිද්ධියට අදාළ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

    මියගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ දෙකක් ඊයේ දිනයේ ද සිදුකෙරිණ. එම මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News