මහර බන්ධනාගාරයේ සිද්ධියේ අතුරු වාර්තාව අද පාර්ලිමේන්තුවට (වීඩියෝ)

දෙසැ 09, 2020
  • මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කෙ‍රුණු පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසිනි. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. අධිකරණ සහ කම්කරු යන අමාත්‍යංශ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු තවත් රාජ්‍ය අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැණේ.

    Last modified on බදාදා, 09 දෙසැම්බර් 2020 20:15

    Latest News