පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ පුර්ණ වාර්තාව එම කමිටුවේ සාමාජිකයින්  විසින් අද පස්වරුවේ (30) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාරදීම සිදු විය.

මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 255ක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කෙ‍රුණු පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් එකොළොස් දෙනාගෙන් හත් දෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකශ කරයි.

මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුවෙන් මියගිය රැඳවියන් එකළොස් දෙනාගෙන් 7 දෙනෙක්ගේ මෘත ශරීර මේ වන විට හඳුනාගෙන තිබේ.

මහර බන්ධනාගාරයේ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් තවත් 38 දෙනෙක්ගෙන් ඊයේ ප්‍රකාශ සටහන් කරගත් බව,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී ද මහර බන්ධනාගාරයේ සිදුවීම ගැන සාකච්ජා වී තිබේ.

මහර බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී තත්වයෙන් මියගිය රැඳවියන් 8 දෙනෙක්ට 'කොවිඩ්-19'වෛරසය ආසාදනය වී තිබු බවට අනාවරණය වී තිබේ.

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ කළහකාරී තත්වයෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර සිටි තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහර බන්ධනාගාරයේ සිදුවූ කළහකාරී තත්වයෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ පිරිස 109ක් දක්වා ඉහළ ගොස් ඇත.

Latest News