මොරටුව අනතුරින් දියණියන් දෙදෙනා මරුට; මවට බරපතල තුවාල

දෙසැ 05, 2020

    මොරටුව ඒගොඩඋයන ප්‍රදේශයේ පදික මාරුවක් මතදී යතුරු පැදියක ගැටීමෙන් ඒකම පවුලේ ගර්භනී මවක බරපතල තුවාල ලබා ඇයගේ දියණියන් දෙදෙනා මියගොස් තිබේ.

    අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 10.00ට පමණ. ඊට සම්බන්ධ සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට නියම කෙරිණ.

    යතුරු පැදියක් අධික වේගයෙන් මොරටුව දෙසට ධාවනය කර තිබේ. ඒම අවස්ථාවේ යතුරු පැදියේ ගැටී ඇත්තේ, පදික මාරුව මතින් ගමන් කරමින් සිටි ඒකම පවුලේ 24 හැවිරිදි ගර්භනී මව සහ ඇයගේ අවුරුදු 7ක් හා අවුරුද්දක් වයසැති දැරියන් දෙදෙනායි. අනතුරෙන් දැරියන් දෙදෙනා ඒම ස්ථානයේදීම මරණයට පත්වූහ. බරපතල තුවාල ලැබූ මව පානදුර මූලික රෝහලට ඇතුලත් කෙරිණ.

    අනතුරුව ඇය, වැඩි දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණු අතර මේ වනවිට දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටී. යතුරු පැදිය ධාවනය කර ඇත්තේ වයස අවුරුදු 20ක පමණ තරුණයෙක්. ඔහු මොරටුව කොරළවැල්ල මෝසස් පටුමගේ පදිංචිකරුවෙක්. ඔහු මහා මාර්ගවල මීට පෙර ද නීති විරෝධි ලෙස අධික වේගයෙන් යතුරු පැදි ධාවනය කර ඇති බව වාර්තාවේ. ඒ් සම්බන්ධ දර්ශනද ලැබී තිබේ.

    ඒම තරුණයා ඊයේ රාත්‍රී අනතුරට පෙර, අධික වේගයෙන් යතුරු පැදිය ධාවනය කර පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 15,000ක දඩ මුදලකට ලක්ව තිබුණේ මීට සති දෙකකට පෙරයි.

    ඊයේ රාත්‍රී සිදුවූ අනතුරෙන් යතුරු පැදිය මීටර 80ක පමණ දුරකට ඇදී ගොස් තිබූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

    සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනි දින දක්වා රක‍ෂිත බන්ධනාගාර ගත කර තිබීමට නියම කෙරිණ.

    Latest News