අදත් මහනුවර සුළු භූ කම්පනයක්

දෙසැ 05, 2020

    මහනුවර - දිගන ප්‍රදේශ‍ය ආශ්‍රිතව අද දිනයේත් සුළු භූ කම්පනයක් සිදුවූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

    අද අලුයම 5.42ට පමණ රික්ටර් මාපක දෙකට අඩු සුළු භූ කම්පනයක් සිදුව ඇති බවට පල්ලෙකැලේ මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබේ.

    මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය මාසයක පමණ කාලය තුළ මෙවැනි සුළු භූ කම්පන 06ක් පමණ සිදුවී තිබේ.

    Latest News