මහර බන්ධනාගාර ගැටුම - තවත් රැඳවියෙක් මියයයි

දෙසැ 01, 2020

    මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ කළහකාරී තත්වයෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර සිටි තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඒ අනූව එම සිද්ධියෙන් මියගිය රැඳවියන් ගණන 9කි.

    බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු තවත් 108 දෙනෙක් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.

    ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ රැඳවියන්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවල දී තවත් 12 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

    ඊයේ ද ආසාදිතයින් 26 දෙනෙක් හඳුනාගනු ලැබීය.

    ඒ අනුව ප්‍රතිකාර සඳහා යොමුකළ බන්ධනාගාර රැඳවියන් 38 දෙ‍නෙක්ට මේ වන විට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    Latest News