හිටපු ඇමති විජයකලාගේ නඩුව කැඳවීමට දිනයක්

දෙසැ 01, 2020

    කොටි සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට ‍ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල මාර්තු මස 19 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

    මෙම පැමිණිල්ල ඉකුත් 27 වැනිදා අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබිණ.

    එහෙත්, අලුත්කඩේ අධිකරණ බල ප්‍රදේශය කොරෝනා වසංගතයේ හේතුවෙන් හුදෙකලා ‍ප්‍රදේශයක් ලෙස නම් කිරීම නිසා එදින අධිකරණ කටයුතු නොපැවැත්විණ.

    මේ හේතුවෙන් අදාළ පැමිණිල්ල මාර්තු මස 19 වැනිදා යළි කැඳවන ලෙස අධිකරණය නියම කර තිබේ.

    2018 වසරේ ජුලි මස යාපනය, වීරසිංහම් ශාලාවේ පැවති මහජන රැස්වීමකදී අදහස් දැක්වූ විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටි සංවිධානය යළි නගා සිටුවීය යුතු බවට ප්‍රකාශයක් සිදු කර ඇතැයි සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබිණ.

    මේ සම්බන්ධයෙන් විමර්ශන අවසන් කළ පොලීසිය වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

    Latest News