තවත් ලාංකිකයින් 149ක් දිවයිනට

දෙසැ 01, 2020

    අද (01) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට පුද්ගලයින් 49 ක්, UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජර්මනියේ සිට පුද්ගලයින් 05 ක් දිවයිනට පැමිණ තිබේ.

    එමෙන්ම QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 36 ක් සහ UL 218 දරණ මගී ගුවන් යානය මගින් දෝහා සිට පුද්ගලයින් 59 මෙරටට පැමි‍ණ ඇත.

    එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

    අද (01) දිනයේ දී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 58 ක් තුළ පුද්ගලයින් 6,204 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (30) දිනය තුල PCR පරික්ෂටණ 12,031 ක් සිදුකර ඇත.

    Latest News