සුළිකුණාටුවක් ගැන අනතුර ඇඟවීමක්

දෙසැ 01, 2020

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන අවපාතය අද දහවල් 11.30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    පසුව එය ඉදිරි පැය 12ක පමණ කාලයේ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතියි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මේ වන විට අඩු පීඩන අවපාතය ත්‍රිකුණාමලය ගිණිකොණ දෙසින් කිලෝමීටර් 680ක පමණ දුරින් ස්ථානගතව පවතින බවයි.

    ඒ හේතුවෙන් නැගෙනහිර,උතුරු,උතුරු මැද හා ඌව පළාත්වලත්,හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයින පුරා අහස වළාකුළුවලින් බරව පවතින අතර ඇතැම් ප්‍රදේශවල තද සුළං ද ඇතිවිය හැකියි.

    Last modified on අඟහරුවාදා, 01 දෙසැම්බර් 2020 09:10

    Latest News