පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපති අවසානයේ දුන් සාක්ෂිය..

නොවැ 26, 2020

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය යනු කිසියම් විදෙස් කණ්ඩායමක මෙහෙයවීම මත මෙරටදී සිදුවූ කුමන්ත්‍රණයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ තම සාක්ෂි ලබාදීම අවසන් කරමින්, ඊයේ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ,පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් පිටුපස බලවත් විදෙස් හස්තයක් ක්‍රියාත්මක වූ බවට තමන් සැකපළ කරන බවයි.

    පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ අවසන් දිනට සාක්ෂි ලබාදුන් අතර එහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා හා කොමිෂන් සභාවේ සාමාජිකයින් අවසන් වශයෙන් ප්‍රශ්න ඇසීම සිදු කළේය.

     

    ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න..

    ඔබතුමාට මේ ජනාධිපති ‍කොමිසමේ දී බරපතල චෝදනාවක් එල්ල වුණා. අඛණ්ඩව ජාතික ආරක්ෂක කවුන්සිලය රැස් නොවීම පිළිබඳව. ඒ ගැන මොකක්ද ඔබතුමාගේ පාර්ශවයෙන් කියන්න තියෙන්නේ..

     

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන..

    ජාතික ආරක්ෂක කවුන්සිලය කියන්නේ,ව්‍යවස්ථාපිත නෛතික ආයතනයක් නොවෙයි. යම් හෙයකින් හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වීමක් සිදුවුවහොත් ජාතික ආරක්ෂක කවුන්සිලය අහෝසි වීමකට පවා ලක්වෙයි. ඒ නිසා මට කියන්න තියෙන්නේ, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු ස්ථීර ව්‍යවස්ථාපිත ආයතනයක් නොතිබීම බරපතල අඩුපාඩුවක් කියලා.

    කොමිසමේ සාමාජික විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ අනුදැනුම යටතේ ක්‍රියාත්මක වූවා යැයි සඳහන් වූ ඔබතුමා ඝාතන කුමන්ත්‍රණය හා ඒ හේතුවෙන් සහරාන් සම්බන්ධයෙන් ප්‍රබලව ක්‍රියාත්මක වෙමින් සිටි නාලක ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාර ගතවීම සම්බන්ධයෙන් ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක් ගැන ඉතිං මගේ දැනුම අල්පයි. ඔය මාව ඝාතනය කරන්න සැලසුම් කළා කියන සිද්ධිය පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අභ්‍යන්තර ගැටලුවක ප්‍රතිඵලයක් කියලයි, මම හිතන්නේ. ඒකට ඉතිං නාලක ද සිල්වා මහතාට වැඩ තහනමකට වගේම රක්ෂිත බන්ධනාගාර ගත වෙන්නත් සිද්ධ වුණා.

     

    ජනාධිපති කොමිසමේ සාමාජික විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයා

    ඔබතුමාගේ කාලයේ රිදීතැන්න,විහාර ගොඩනැගිල්ල ආදිය සම්බන්ධයෙන් අන්තවාදී සිදුවීම් වාර්තා වුණා. ඇයි ඔබතුමාට මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කරන්න බැරිවුණේ.

     

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

    මෙහෙමයි ස්වාමිනී, මගේ පාලන කාලයෙන් අවුරුදු 4ක්ම නීතිය හා සාමය අමාත්‍යාංශය මෙහෙයවනු ලැබුවේ ද්විපාර්ශවික ආණ්ඩුවේ අනෙක් පාර්ශවය විසින්. ඒ සමය තුළ බුද්ධි නිලධාරීන් සිරගත කිරීම්, බුද්ධි අංශ දුර්වල කිරීම් වගේ දේවල් සිද්ධ වුණා. ඒ සිද්ධීන් තුළයි,බුද්ධි අංශ මන්දෝත්සාහී වෙලා, අන්තවාදීන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය වුණේ. අවුරුදු 4 තිස්සේ යහපාලන රජයේ අනෙක් පාර්ශවය සතුව නීතිය හා සාමය අමාත්‍යාංශය තිබිලත්,ඔවුන් නොකරපු දේ මාස 4ක් ඇතුළත මට කරන්න බැහැ. අනික මට තව දෙයක් කියන්න ඕන. මේ රටේ කාටවත් ආණ්ඩුවක් කර ගෙන යන්න බැහැ, මුස්ලිම් ජනතාවගේ සහයෝගය නැතුව. ඒක පසුගියදා පැවති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ දී ඔප්පු වුණා. ආණ්ඩුවට ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය 3න් 2ක ගන්නා මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්දය අවශ්‍ය වුණා.

     

    ජනාධිපති කොමිසමේ සාමාජික විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරිය..

    පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඔබතුමා කිව්වා, මේ ප්‍රහාරය පිටුපස තියෙන කුමන්ත්‍රණය හෙළි කරන්න කියලා, ඔබ ආරක්ෂක අංශවලට උපදෙස් දීලා තියෙනවා කියලා. මොකක්ද ඔබතුමා කුමන්ත්‍රණයක් කියන වචනයෙන් අදහස් කළේ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මා ළග තියෙන තෙරතුරුත් එක්ක මට කියන්න තියෙන්නේ, සහරාන් මේ සංවිධානයේ නායකයා නෙමෙයි. මොකද සංවිධානයක් ඉදිරියට ගෙනියන්න එහි නායකයා ඉන්නම ඕනෙ නිසා, නායකයා කවදාවත් මේ වගේ ඉදිරියට ඇවිල්ලා, මරාගෙන මැරෙන්නේ නැහැ. ඊළඟට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා, පසුගියදා මේ කොමිස හමුවේ කියලා තිබුණා, මේ ප්‍රහාරය 2016ට කලින් ප්‍රහාරය කරන්න ගිහින් කිල් ගියා නම්, ඇයි මේ වේලාවෙම ප්‍රහාරය කළේ කියලා. ලෝකයේ බොහෝ ප්‍රබල රවටල බුද්ධි විශේෂඥයෝ මේ ප්‍රහාරයෙන් පස්සේ ලංකාවට ආවා. නමුත් ඒ කාටවත් හොයාගන්න බැරිවුණා, සහරාන්ට මේ පිපිරීම කරන්න උපදෙස් දුන්නෙ කවුද,පෙළඹුවේ කවුද,මෙහය වූයේ කවුද කියලා හොයාගන්න. මට සැකයක් තියෙනවා, මේ ප්‍රහාරය බලවත් විදෙස් කණ්ඩායමක මෙහෙයවීම මත මේ රටේ දී සිදු කළ කුමන්ත්‍රණයක් කියලා. සහරාන් හෂීම් පිටුපස බලවත් විදේශ හස්තයක් ක්‍රියාත්මක වූ බවට මම සැක පහළ කරනවා.

    Latest News