කොළඹින් වතුකරයට පැමිණි තරුණයෙක්ට කොරෝනා

නොවැ 26, 2020

    කොළඹ සිට වතුකරයට පැමිණි අවු 24 වයසැති තරුණයෙක්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ගෝදා පතිරණ මහතා පැවසිය.

    මෙම තරුණයා පැලියගොඩ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට (24) දින මස්කෙලිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත පැමිණ තිබේ.

    නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොලේ දී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අහඹු ලෙස සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණය අනූව ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇත.

    ආසාදිතයාගේ බිරිද ඇතුළු පවුලේ සාමාජිකයන් ආසාදිතයාගේ නිවසේම ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.

    පවුලේ සමාජිකයන්ගේද පී.සි.ආර් පරික්ෂණයක් සිදු කරන බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

    Latest News