ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රජයට සහයෝගය පළ කරමින් ක්‍රියා කරන බව, පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමක් අද සිදු වුණා.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා වරාය නාවික හා ගුවන් කටයුතු අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනු කළ නඩුව සම්බන්ධයෙන් ලබන 19 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එම පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරු වෙත කොළඹ දිසා අධිකරණය අද නොතීසි නිකුත් කළා.

තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම හෙට දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.

හිටපු ජනපතිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ නම් ඇතුළත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ අද අවසර ලබා දුන්නා.

කොළඹ, පැජට් පාරේ පිහිටි සිය නිල නිවස ලබාගත් ආකාරය තුළින් මූලික අයිතීන් කඩ වන බවට චෝදනා කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා විනිසුරුවරු පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

පාස්කු ඉරු දින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් විසින් තමන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු නිෂ්ප්‍රභ කොට තමන්ව සියලු චෝදනාවලින් මුදාහරින කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 9 වන දා කැඳවන ලෙස කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය නියෝග කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය යනු කිසියම් විදෙස් කණ්ඩායමක මෙහෙයවීම මත මෙරටදී සිදුවූ කුමන්ත්‍රණයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයෙකු වන තමන්ව ජනාධිපති කොමිසමක් වෙත කැදවීමට හැකිවූයේ ජනාධිපතිවරයෙකු සතුව පැවති මුක්තිය 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ තමන් විසින්ම ඉවත් කරගත් නිසා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

Latest News