උදෑසන වන විට තවත් 485කට සුවයි

නොවැ 26, 2020

    ඊයේ (25) දින වනවිට, මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 21,468 ක් වන අතර ඉන් පුද්ගලයින් 15,446 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    ඊයේ (25) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,926 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (26) දින උදෑසන 6.00 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 485 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

    අද (26) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 02 ක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් කොළඹ 12 සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනූව, අද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 96 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News