ගතවූ පැය 24 තුල ආසාදිතයින් 502ක්

නොවැ 26, 2020

    ගතවූ පැය 24 තුළ මෙරට කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 502 දෙනෙක් හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා දේශියව හදුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 262 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 ක් ලෙස වාර්තා වේ.

    අද (26) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 17,934 ක් වේ. ඉන් පුද්ගලයින් 12,014 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3,059 කොළඹ මාළු වෙළඳපලේ පොකුර - 14,875

    Latest News