රෝහලෙන් පැනගිය කොවිඩ්19 ආසාදිත කාන්තාව සොයාගනී (වීඩියෝ)

නොවැ 22, 2020
  • සැඟව සිටි කොවිඩ් ආසදිත කාන්තාව ඇහැලියගොඩ හිදුරන්ගල මහවත්ත ප්‍රදේශයේ මානකැලයක් අසල සැඟව සිටියදී සොයා ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

    ඊයේ (21) රාත්‍රී ප්‍රදේශ වාසින් විසින් මෙම කාන්තාව පිළිබඳ පොලිසිය දැනුවත් කර ඇත. ඒ වන විට ඇය ප්‍රධාන මාර්ගය අසල නිවසක් ආසන්නයේ සැඟව සිටියදී සොයා ගෙන ඇත.

    කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැළියගොඩ පදිංචි මෙම කාන්තාව, එම රෝහලේම සිටි වයස අවුරුදු දෙකක් පමණ වන සිය දරුවාද සමග පෙරේදා (19) රාත්‍රියේ රෝහලෙන් පළාගොස් තිබුණි.

    පසුව ඊයේ (20) ඇයගේ දරුවා ඇයගේ ඥාතීන් සමග සිටියදී සොයා ගැණුනි.

    Last modified on ඉරිදා, 22 නොවැම්බර් 2020 19:54

    Latest News