ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා හෙට(23) ඉවත් කෙරේ

නොවැ 22, 2020

    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් වසම් 6කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත්කෙරේ.

    නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක තවදුරටත් හුදකලාභාවය පවතින බව ද එම නිවේදනයේ සඳහන්.

    තවද කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද ග්‍රාම නිලධාරී වසම හා බොරැල්ලේ පිහිටි වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කර පවතී.

    මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජා - ඇළ හා කඩවත යන පොලිස් වසම් දෙකේ ද සංචරණ සීමා හෙට උදෑසන ඉවත් කෙරේ.

    නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5ක සංචරණ සීමා තවදුරටත් බලපැවැත්වේ.

    කොළඹ දිස්ත්‍රික්කයේ තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශ

    මට්ටක්කුලිය

    මෝදර

    බ්ලුමෙන්ඩල්

    කොටහේන

    ග්‍රෑන්ඩ්පාස්

    වෙරළබඩ

    ආදිරිප්පු වීදිය

    මාළිගාවත්ත

    දෙමටගොඩ

    කෙසෙල්වත්ත

    මරදාන

    පිටකොටුව

    ඩ්‍රෑම් ස්රිට්

     

    ගම්පහ දිස්ත්‍රික්කයේ තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශ

    මීගමුව

    වත්තල

    පෑලියගොඩ

    රාගම

    කැලණිය

     

    කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ හුදකලා කළ ග්‍රාම නිලධාරී වසම්,

    බෝගහවත්ත ග්‍රාම නිලධාරී වසම

    බමුණුමුල්ල (මුස්ලිම්) ග්‍රාම නිලධාරී වසම

    කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම

    කෝරාවල ග්‍රාම නිලධාරී වසම

    අටලුගම බටහිර ග්‍රාම නිලධාරී වසම

    බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම

    ගලගහමණ්ඩිය ග්‍රාම නිලධාරී වසම

    Latest News