ඉතිහාසයේ පළමුවර ජනාධිපතිවරු තිදෙනෙක් සභා ගර්භයේ

නොවැ 20, 2020

    පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරුන් තිදෙනෙක් සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටීම විශේෂත්වයක්.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021 අය වැය දෙවන වර කියවීමේ විවාදය සඳහා සහභාගීවීමට ඊයේ (19) පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත් අතර එතුමා සමග හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද විය. ඔවුන් දෙදෙනා සමග හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද තම ආසනයේ සිටිමින් විවාදයට සහභාගී විය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ සිට 2015 දක්වා අවස්ථා දෙකක දී ජනාධිපතිධුරය හෙබවීය. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 වසරේ සිට 2019 වසර දක්වා ජනාධිපති ධුරය හෙබවිය.

    Latest News